Sinhala Computer Class

Learn Information Technology in Sinhala

Thursday, July 7, 2016

ෂට් ඩවුන් / රී ස්ටාර්ට් - Shut Down & Restart



Shut Down & Restart - ෂට් ඩවුන් / රී ස්ටාර්ට්

පරිගණකයක් ක්‍රියාත්මක වන්නේ විදුලිය මගින් බව අප දනිමු. පරිගණකයක් ක්‍රියාත්මකව පවතින අවස්තාවල විදුලිය එකවරම විසන්දි වුවහොත් එය පරිගණකයේ ක්‍රියා කාරීත්වයට අහිතකර වේ. එම නිසා අපට පරිගණකය අක්‍රිය කිරීමට අවශ්‍ය වූ විට එය කිරීමට නම් ස්ටාර්ට් හී ඇති මෙනුව භාවිතා කල යුතු වේ. ස්ටාර්ට් මෙනුවෙහි

Shut Down - ෂට් ඩවුන් ( සියලු වැඩ වසා දමා පරිගණකය අක්‍රීය කිරීම )
Restart        - රී ස්ටාර්ට් (සියලු වැඩ වසා දමා  අක්‍රීය වී එම මොහොතේම නැවත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම )
Log off         - ලොග් ඕෆ් ( දැනට ක්‍රියාත්මකව පවතින ගිනුම අක්‍රීය කර ඉන් ඉවත්වීම )
Switch User - ස්විච් යූසර් ( ක්‍රියාත්මකව පවතින ගිනුම අක්‍රීය කිරීමකින් තොරව වෙනත් ගිනුමකට මාරුවීම )
Lock   - ලොක් ( කියාත්මකව පවතින ගිනුම අගුල් දැමීම )
Sleep – ස්ලීප් ( නිදාගැනීමට සමාන වන මෙය තාවකාලිකව තිරය නිවා දමා ගිනුම අක්‍රිය කිරීම සිදුවන අතර
මවුසය හෝ කී බෝර්ඩය මගින් නැවත පනගැන්විය හැක )
Hibernate - හයිබර්නේට් ( විවෘතව පවතින ඇප්ලිකේෂන් සහ වින්ඩෝ එම අකාරයෙන්ම සේව් වී පරිගණකය                                 අක්‍රීය වන අතර නැවත ක්‍රියාත්මක කිරීමේ දී එම ආකාරයෙන්ම පවතී )

Wednesday, July 6, 2016

ඩෙස්ක්ටොප් හී කොටස් - The Windows Desktop



ඩෙස්ක්ටොප් හී කොටස් - The Windows Desktop


Desktop Icons - ඩෙස්ක්ටොප් අයිකන්ස්

ඔබේ පරිගණකයේ විවිධ ස්ථාන සදහා පිවිසුම් දොරටු ලෙස අයිකන්ස් හැදින්විය හැක. අයිකන්ස් කුඩා පින්තූර ලෙස පවතින අතර මේවා මවුස් හෝ කී බෝඩය භාවිතා කර විවෘත කල හැක.

Start - ස්ටාර්ට්

පරිගණකයේ ස්ථාපනය කර ඇති ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් මෙන්ම විවිධ ස්ථාන සදහා පහසුවෙන් පිවිසීමට අයිකන්ස් මෙන්ම ෆයිල් පහසුවෙන් සෙවීමටද ස්ටාර්ට් මෙනුව මගින් සිදුකල හැක

Quick Launch - ක්වික් ලොන්ච්


ටාස්ක්බාර් එකටම සම්බන්ධව පවතින මෙම කුඩා කොටසේද අපට අත්‍යාවශ්‍ය ඇප්ලිකේෂන් මෙන්ම පිවීසීමට අවශ්‍ය ස්ථාන කුඩා අයිකන්ස් අකාරයෙන් තැන්පත් කල හැක. විශේෂයෙන්
ඩෙස්ක්ටෝප් හී ඇති අයිකන්ස් වලට පිවිසීමට අපහසු අවස්ථාවල මෙය ඉතා වැදගත් වේ.
         
Taskbar - ටාස්ක් බාර්

පරිගණකයේ දැනට විවෘතව ඇති වින්ඩෝ මෙන්ම ක්‍රියාත්මකව පවතින ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ගේම්ස් වැනි දෑ මෙ තුලින් පෙන්වයි. එමෙන්ම එම ක්‍රියාත්මකව පවතින ඕනෑම දෙයක් ටාස්ක් බාර් එක තුල තාවකාලිකව කුඩා කර පසුව භාවිතයට රදවා තැබිය හැක.

Notification Area - නොටිෆිකේෂන් ඒරියා

ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක පවතින මෙම කොටස මගින් වේලාව දිනය බලාගැනීම, පරිගනකයේ ශබ්දය අඩු වැඩි කිරීම වැනි කාර්යයන් සදහා මෙම කොටස සකස් කර ඇත.