Hardware - දෘඩාංග
පරිගණක පද්ධතියක අඩංගු වන අතින් අල්ලා බැලිය හැකි දෘඩ කොටස් දෘඩාංග ලෙස
හඳුන්වයි. එම උපාංග වල ක්‍රියාකාරිත්වය
අනුව ප්‍රධාන කොටස් 5කට බෙදා දැක්විය හැකිය. ඒවානම්
2-(I). ආදාන උපකරණ [ Input Devices ]
2-(II). ප්‍රතිදාන උපකරණ [ Output Devices ]
2-(III). පාලන හා සැකසුම් උපකරණ [ Control and Processing Devices ]
2-(IV). මතක උපකරණ [ Storage Devices ]
2-(V). සන්නිවේදන උපකරණ [ Communication Devices ]
2-(I). ආදාන උපකරණ [ Input Devices ]
2-(II). ප්‍රතිදාන උපකරණ [ Output Devices ]
2-(III). පාලන හා සැකසුම් උපකරණ [ Control and Processing Devices ]
2-(IV). මතක උපකරණ [ Storage Devices ]
2-(V). සන්නිවේදන උපකරණ [ Communication Devices ]
2-(I). ආදාන උපකරණ [ Input Devices ]
පරිගණකයට
දත්ත ලබා දීමට/ඇතුල් කිරීමට භාවිතා කරන උපාංග ආදාන උපාංග නැතහොත් ආදාන උපක්‍රම ලෙස හඳුන්වනු ලැබේ. පරිගණකයට දත්ත ලබා
දීම විවිධ ආකාර වලට සිදු කල හැකිය. අකුරු, රූප සහ ශබ්ද ඒ අතුරින් කිහිපයක් වේ.
ආදාන
උපකරණ සදහා උදාහරණ ලෙස පහත උපකරණ ගත හැක.
2-(II). ප්‍රතිදාන උපකරණ [ output Devices ]
පරිගණකයෙන් පිටතට දත්ත ලබා දීමට භාවිතා කරනු ලබන උපක්‍රම මෙනමින් හඳුන්වයි. පරිගණකයෙන් පිටතට දත්ත ලබා දීම විවිධ ආකාර වලට සිදු කල හැකිය. උදාහරණ ලෙස අකුරු, රූප සහ ශබ්ද දැක්විය හැකිය. ඒ සඳහා විවිධ වූ උපාංග භාවිත කරනු ලබයි. ප්‍රතිදාන උපකරණ ලෙස පහත උපකරණ ගත හැක.
2-(III). පාලන හා සකසන උපකරණ [Control and Processing Devices ]
පරිගණකයේ සියලුම දත්ත සැකසුම් කටයුතු හා
උපාංග පාලනය කිරීම මෙම කොටස් මගින් සිදු කරනු ලබයි.
පහත
සදහන් C.P.U ලෙස
හදුන්වන කොටස පරිගණකයේ මොලය ලෙස හදුන්වන අතර අප ලබාදෙන සියලු දත්තයන්
සහ
විධානයන් මේ හරහා ගමන් කරන අතර ඒවා සකස් කිරිම හා නිසි ලෙස පිලි පැදීම මේ තුල
සිදුවේ.
2-(IV). මතක උපකරණ [Memory Devices ]
පරිගණක පද්ධතියක දත්ත තොරතුරු සහ
උපදෙස් කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව හෝ තැන්පත් කර තැබීම සඳහා යොදා ගන්නා උපාංග මතක
උපාංග ලෙස හැඳින්වේ.
2-(V). සන්නිවේදන උපාංග [ Communication Devices ]
පරිගණක තාක්ෂණය හා බැඳුනු ඉහත සඳහන්
ආදාන උපංග, ප්‍රතිදාන උපාංග, මතක උපාංග, පාලන හා සැකසුම් උපාංග වලට අමතරව පරිගණක තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය සංයුක්ත කරණයෙන් බිහිවූ මූලික
උපාංග සමූහයක් ඇත. ජාලකරන අතුරු මුහුණත් පත (NIC) , මොඩමය,
බහුපථ කාරකය (Multiplexer), බ්ලූටූත් ඇඩප්ටරය ආදිය ඒ සඳහා යොදාගනී.
sper
ReplyDelete