1.පරිගණකය
පරිගණකය යනු අප
විසින් ලබාදෙන කිසියම් විධාන (Commands), දත්ත (Data)
හා උපදෙස්
(Instructions) වලට
අනුව ඒවා කිසියම් සැකසීමකට (Processing) ලක් කළ හැකි, අවශ්‍ය වූටෙක අප හට
ඒවා නැවත ලබා ගත හැකි, ඒවා
තම මතකය තුළ තැන්
පත්කර ගත හැකි. නැවත මතකය ආවර්ජනය කරමින් දත්ත ලබා දිය හැකි ඒමෙන් ම අපට
අවශය පරිදි ක්‍රමලේඛනය (Programming)
කළහැකි,
ඉලෙක්ටොනික උපකරණයකි. පරිගණකය
ක්‍රියා කරන්නේ අපි විසින් දෙන විධාන මෙන්ම තොරතුරු උපයෝගී කර
ගෙනය. කුමන හෝ මාධ්‍යයකින් පරිගණකය වෙත ලබා දෙන තොරතුරු
ආදානය (Data Input) නමින්
හඳුන්වනු ලබයි. ආදානය (Input) කරනු
ලබන දෙයක් ආකාර දෙකකින් යුක්තය. එනම්,
1. දත්ත(Data)
2. උපදෙස් (Instructions) යනුවෙනි.
අප පරිගණකය වෙත ලබා
දෙන දත්ත (Data) ලෙස හඳුන්වන්නේ
කිසියම් පිළීවෙලකට
සකස් නොකරන ලද තොරතුරු සමූහයක් වන අතර එය පරිගණකය විසින් සකස් විය යුතු
ආකාරය විස්තර කරනු ලබන්නේ උපදෙස් (Instructions)
මගිනි.
👍
ReplyDelete