වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය - Windows Operating
System
අද අප භාවිතා කරන පෞද්ගලික පරිගණක
බොහෝමයක ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධතියක් ලෙස වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නම් කල
හැක. එම නිසා මෙම මෙහෙයුම් පද්ධතිය ඉගෙනීම ඉතා වැදගත් වේ.
Ø ඔබ පරිගණකය පණගන්වා
වින්ඩෝස් වලට පිවිසි විගසම දකින්නට ලැබෙනුයේ පහත රූපය ආකාරයේ තිරසැකසුමකි. එය
වින්ඩෝස් ඩෙස්ක්ටොප් ( Windows Desktop
) ලෙස හදුන්වයි
මෙය ඇත්තම මේසයක මතුපිටක් ලෙස හැසිරෙමින්
අපට අවශ්‍ය දේවල් ඒ මත තබා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙයි. ඔබ යම්
මෘදුකාංගයක් හෝ ගොනුවක් විවෘත කරන විට එය ඩෙස්ක්ටොප් එක මත විවෘත වන අතර
අවශ්‍ය කරන ෆයිල්, ෆෝල්ඩර්ස් ආදිය අවශ්‍ය ආකාරයට පෙළ ගස්වා කෙටි මං
ලෙසද භාවිතා කල හැක.
Windows Desktop - වින්ඩෝස් ඩෙස්ක්ටොප් එකක
ඇති කොටස්
1.
ඩෙස්ක්ටොස් අයිකන්ස් ( Desktop Icons )
2.
ස්ටාර්ට් ( Start )
3.
ක්වික් ලොන්ච් ( Quick Launch )
4.
ටාස්ක් බාර් ( Taskbar )
5.
නොටිෆිකේෂන් ඒරියා ( Notification Area )
No comments:
Post a Comment