Learn Information Technology in Sinhala

Monday, July 4, 2016

Software - මෘදුකාංග ගැන



Software - මෘදුකාංග

පරිගණක පද්ධතියක් යම් අරමුණක් කරා මෙහෙයවීම සඳාහා පිළිවෙළකට ලබා දී ඇති උපදෙස් මාලා සමූහය පරිගණක මෘදුකාංග ලෙස හැඳින්වේ. මෘදුකාංග පහසුවෙන් වෙනස් කළ හැකි අංග වේ. ප්‍රධාන වශයෙන් පරිගණක මෘදුකාංග වර්ග දෙකකි.

3.1  පද්ධති මෘදුකාංග (System Software)
3.2  යෙදුම් මෘදුකාංග (Application Software)

පද්ධති මෘදුකාංග (System Software)

මෙහිදි පද්ධති මෘදුකාංග ක්‍රියාකාරීත්වය අනුව කොටස් තුනකට බෙදිය හැකිය.

3.1 (I)   මෙහෙයුම් පද්ධති (Operating System )
3.1 (II)  භාෂා පරිවර්තක (Translators Software)
3.1 (III) උපයෝගිතා මෘදුකාංග (Utility Software)

යෙදුම් මෘදුකාංග (Application Software) 

පරිගණකය ක්‍රියාකරවන්නෙකුට තම අවශ්‍යතාවය ඉටුකරලීම සඳහා පරිගණකය තුළ ක්‍රියාත්මක කළ යුතු මෘදුකාංග යෙදුම් මෘදුකාංග ලෙස හැඳින්වේ. මේ සඳහා උදාහරණ ලෙස වදන් සැකසම් මෘදුකාංග, පැතුරුම්පත් මෘදුකාංග, දත්ත සමුදාය කළමණාකරණ පද්ධති දැක්විය හැකිය. තවද පද්ධති මෘදුකාංග මෙන් නොව දිනේ දින නවතම යෙවදුම් මෘදුකාංග වෙළඳපොළට එකතු වෙමින් පවතී.

3.1 [ I ]   මෙහෙයුම් පද්ධති ( Operating System )

නුතන පරිගණකයකින් වැඩ කර ගැනීම සඳහා මෙහෙයුම් පද්ධතියක් (OS) අත්‍යාවශ්‍ය වේ. පරිගණක වල භාවිතා වන කවුරුත් දන්නා මෙහෙයුම් පද්ධති ලෙස

*වින්ඩොස්   ( Windows )     *මැක් එස්  ( Mac Os )     *උබුන්ටු       ( Ubuntu )

                                                                       

·        Apple ios - ඇපල් අයි ඕ එස් ( ඇපල් ස්මාර්ට් දුරකථන වල භාවිතා වන මෙහෙයුම් පද්ධතිය )
·        Android   - ඇන්ඩොයිඩ් ( ස්මාර්ට් දුරකතන වල බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධතියකි )

දැක්විය හැක. පරිගණකවල පමණක් නොවේ  Smartphone වලින් Tablet PC වලින් හා සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ ගැනීම උදෙසාත් මෙහෙයුම් පද්ධති අවශ්‍ය වේ.

1 comment: