Learn Information Technology in Sinhala

Saturday, July 2, 2016

පරිගණක පද්ධතිය - The Computer System



පරිගණක පද්ධතිය මූලිකව කොටස් 4කට බෙදා වෙන්කල හැක

  1. දෘඩංග
  2. මෘදුකාංග
  3. ස්ථිරාංග
  4. ජීවාංග

1. දෘඩාංග - Hardware


පරිගණක පද්ධතියක භෞතික උපාංග දෘඩාංග ලෙස හැඳින්වේ. දෘඩාංග වල මූලික ලක්ෂණ වන්නේ අතින් ඇල්ලීමට හැකි වීම සහ පහසුවෙන් වෙනස් කළ නොහැකි වීමය. පරිගණක පද්ධතියක් සැලකූ විට මධ්‍යම සැකසුම් ඒකකය, යතුරු පුවරුව සහ සංදර්ශකය ප්‍රධාන දෘඩාංග ලෙස සැලකෙන අතර අනික් සියළුම දෘඩාංග පරිගණක උපාංග ලෙස මූලිකව හැඳින්වේ.

2. මෘදුකාංග - Software


යම් අරමුණක් කරා පරිගණක පද්ධතියක් මෙහෙයවීම සඳහා පිළිවෙළකට ලබා දී ඇති උපදෙස් මාලා සමූහය පරිගණක මෘදුකාංග ලෙස හැඳින්වේ. යෙදීම අනුව පරිගණක මෘදුකාංග වර්ග කීපයකි. ඒ පිළිබඳව මෘදුකාංග වර්ගීකරණයේදී සලකා බලමු.

3. ස්ථිරාංග - Firmware


පරිගණක පද්ධතියක සමාරම්භය සඳහා මූලිකව අවශ්‍යවන ක්‍රමලේඛ ස්ථිරාංග ලෙස හැඳින්වේ. මෙම ස්ථිරාංග, දෘඩාංග නිපදවීමේදීම දෘඩාංග තුළ යොදන අතර ඒවා පසුකාලීනව වෙනස් කළ නොහැකි තත්වය පවතී. උදාහරණ ලෙස, පරිගණක පඨන මාත්‍ර මතකය ගත හැක. තවද රෙදි සෝදන යන්‍ත්‍ර, ක්ෂුද්‍ර තරංග උදුන, ජංගම දුරකථන හා අයිපොඩ් ආදී උපකරණ තුළ ද ස්ථිරාංග යොදා ඇත.

4. ජීවාංග - Liveware


යමෙකු පරිගණක පරිශීලනය කරමින් සිටීද, ඔහු හෝ ඇය එම මොහොතේ ජීවාංග ලෙස හඳුන්වනු ලැබේ.

No comments:

Post a Comment