Learn Information Technology in Sinhala

Thursday, July 7, 2016

ෂට් ඩවුන් / රී ස්ටාර්ට් - Shut Down & Restart



Shut Down & Restart - ෂට් ඩවුන් / රී ස්ටාර්ට්

පරිගණකයක් ක්‍රියාත්මක වන්නේ විදුලිය මගින් බව අප දනිමු. පරිගණකයක් ක්‍රියාත්මකව පවතින අවස්තාවල විදුලිය එකවරම විසන්දි වුවහොත් එය පරිගණකයේ ක්‍රියා කාරීත්වයට අහිතකර වේ. එම නිසා අපට පරිගණකය අක්‍රිය කිරීමට අවශ්‍ය වූ විට එය කිරීමට නම් ස්ටාර්ට් හී ඇති මෙනුව භාවිතා කල යුතු වේ. ස්ටාර්ට් මෙනුවෙහි

Shut Down - ෂට් ඩවුන් ( සියලු වැඩ වසා දමා පරිගණකය අක්‍රීය කිරීම )
Restart        - රී ස්ටාර්ට් (සියලු වැඩ වසා දමා  අක්‍රීය වී එම මොහොතේම නැවත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම )
Log off         - ලොග් ඕෆ් ( දැනට ක්‍රියාත්මකව පවතින ගිනුම අක්‍රීය කර ඉන් ඉවත්වීම )
Switch User - ස්විච් යූසර් ( ක්‍රියාත්මකව පවතින ගිනුම අක්‍රීය කිරීමකින් තොරව වෙනත් ගිනුමකට මාරුවීම )
Lock   - ලොක් ( කියාත්මකව පවතින ගිනුම අගුල් දැමීම )
Sleep – ස්ලීප් ( නිදාගැනීමට සමාන වන මෙය තාවකාලිකව තිරය නිවා දමා ගිනුම අක්‍රිය කිරීම සිදුවන අතර
මවුසය හෝ කී බෝර්ඩය මගින් නැවත පනගැන්විය හැක )
Hibernate - හයිබර්නේට් ( විවෘතව පවතින ඇප්ලිකේෂන් සහ වින්ඩෝ එම අකාරයෙන්ම සේව් වී පරිගණකය                                 අක්‍රීය වන අතර නැවත ක්‍රියාත්මක කිරීමේ දී එම ආකාරයෙන්ම පවතී )

No comments:

Post a Comment