ඩෙස්ක්ටොප් හී කොටස් - The Windows Desktop
Desktop Icons - ඩෙස්ක්ටොප් අයිකන්ස්
ඔබේ පරිගණකයේ විවිධ ස්ථාන සදහා
පිවිසුම් දොරටු ලෙස අයිකන්ස් හැදින්විය හැක. අයිකන්ස් කුඩා පින්තූර ලෙස පවතින අතර
මේවා මවුස් හෝ කී බෝඩය භාවිතා කර විවෘත කල හැක.
Start - ස්ටාර්ට්
පරිගණකයේ ස්ථාපනය කර ඇති
ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් මෙන්ම විවිධ ස්ථාන සදහා පහසුවෙන් පිවිසීමට අයිකන්ස් මෙන්ම
ෆයිල් පහසුවෙන් සෙවීමටද ස්ටාර්ට් මෙනුව මගින් සිදුකල හැක
Quick Launch - ක්වික් ලොන්ච්
ටාස්ක්බාර් එකටම සම්බන්ධව පවතින
මෙම කුඩා කොටසේද අපට අත්‍යාවශ්‍ය ඇප්ලිකේෂන් මෙන්ම පිවීසීමට අවශ්‍ය ස්ථාන කුඩා
අයිකන්ස් අකාරයෙන් තැන්පත් කල හැක. විශේෂයෙන්
ඩෙස්ක්ටෝප් හී ඇති අයිකන්ස් වලට පිවිසීමට අපහසු අවස්ථාවල
මෙය ඉතා වැදගත් වේ.
Taskbar - ටාස්ක් බාර්
පරිගණකයේ දැනට විවෘතව ඇති වින්ඩෝ
මෙන්ම ක්‍රියාත්මකව පවතින ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ගේම්ස් වැනි දෑ මෙ තුලින්
පෙන්වයි. එමෙන්ම එම ක්‍රියාත්මකව පවතින ඕනෑම දෙයක් ටාස්ක් බාර් එක තුල තාවකාලිකව
කුඩා කර පසුව භාවිතයට රදවා තැබිය හැක.
Notification Area - නොටිෆිකේෂන් ඒරියා
ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක පවතින මෙම කොටස මගින් වේලාව දිනය
බලාගැනීම, පරිගනකයේ ශබ්දය අඩු වැඩි කිරීම වැනි කාර්යයන් සදහා මෙම කොටස සකස් කර ඇත.
No comments:
Post a Comment